පිළිගනු – බැරිනම් බැරිබව රටට කියනු‍…! – 60 වැදෑරුම් සමාජ සම්මුතිය” ජනගත වෙයි

ජාතික විද්වද් භික්ෂු සංසදය ප්‍රමුඛ ජාතික සංවිධාන විසින් සම්පාදනය කළ ‘අනාගත ආණ්ඩුවක ප්‍රමුඛතා න්‍යායපත්‍රය’ 60 වැදෑරුම් සමාජ සම්මුතිය ජනගත කිරීම සහ සියලුම ජනාධිපති අපේක්ෂකයන්ට ඉදිරිපත් කිරීමේ අවස්ථාව අද(13) පෙ.ව 10 ට කොළඹ ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩල ශාලාවේ දී සිදු විය.

මෙම අවස්ථාව සඳහා කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමිපාණන් සහ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ඇතුළු විද්වත්හු රැසක් එක්ව සිටියහ.

රාජකීය පණ්ඩිත පූජ්‍ය චන්ද්‍ර විමල හිමියන් ඇතුළු විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් ජගත් ඩයස්, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වවෛද්‍ය වසන්ත බණ්ඩාර, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස, වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති ඉංජිනේරු කපිල පෙරේරා, මවුබිම ලංකා පදනමේ සභාපති ආරියශීලි වික්‍රමනායක, දේශප්‍රේමී ජාතික පෙරමුණේ මධ්‍යම මණ්ඩල සභික නීතිඥ නුවන් බැල්ලන්තුඩාව, ලක්මව දියණියෝ සංවිධානයේ සභාපතිනී ප්‍රියංගා කොතලාවල, නීතිඥ මධුමාලි අල්විස්, ශ්‍රී ලංකන් ගුවන්සේවා සමාගමේ ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය සමිතියේ සභාපති ජනක විජයපතිරත්න, පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තකරුවන්ගේ සංසදයේ කැඳවුම්කරු බුද්ධික විමලසිරි, ප්‍රවීන පර්යේෂණ මාධ්‍යවේදිනී ශෙනාලි වඩුගේ, විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාව නියෝජනය කරමින් පැමිණ සිටිය හ

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *