විල්පත්තුවේ විලත්තයිකුලම් රක්ෂිතය කපා පදිංචි කර ඇත්තේ යුද්ධයෙන් අවතැන් වූවන් නොවේ. – විගණකාධිපති වාර්තාවෙන් හෙළි වෙයි!
විලත්තයිකුලම් රක්ෂිත වනාන්තරය අවභාවිතය සම්බන්ධයෙන් සිදු කරන ලද විශේෂ විගණන වාර්තාවෙන් බදුර්දීන්ගේ වන සංහාරයේ සත්‍ය තත්වය හෙළි වෙයි. විල්පත්තු වන විනාශයට එරෙහිව පසුගිය වසර කිහිපය පුරා පරිසරවේදීන් හා විල්පත්තුව සුරකිමු සංවිධානය ඇතුළු පරිසර සංවිධාන විසින් කරන ලද බලපෑම් වල ප්‍රතිපලයක් වශයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද විල්පත්තු වන විනාශය...